CRICKET-SRI-RSA

2014 ජූලි මස මුල් සතිය – ශ්‍රීලංකාව හා දකුනු අප්‍රිකාව අතර ටෙස්ට් තරගාවලිය.

මචං යමන් ගාල්ලේ ටෙස්ට් එක බලන්න? සංගා බැට් කරනවා කාලෙකින් දැක්කේ නෑ

මම මගේ මිතුරාට පැවසුවේ සංගක්කාර රිටයර් වෙන්න කලින් තවත් එක් සුපිරි ඉනිමක් නැරඹ්හිමට ඇති ආශාව නිසාය.

නමුත් අපට ටෙස්ට් තරගය ආරම්භ කල පසුවත් දවස් දෙකක් ඉවසගෙන සිටීමට සිදුවූයේ අප්‍රිකානුවත් දින දෙකකට ආසන්න කාලයක් පන්දුවට පහරදුන් බැවිනි 😕

තරගයේ දෙවන දිනය අවසානයේ ලංකාව ඕවර 11ක් අවසානයේ ලකුනු 30ක් වගේ ගණනක් ලබාගෙන තිබුනි.

•හෙට උදේම යමන්

මගේ මිතුරා එසේ පැවසුවේ තරංග වැඩිවෙලාවක් කඩුල්ලේ රැදී නොසිටින බව දන්නා නිසාය. එහෙම උනොත් අපට සංගක්කාරගේ ඉනිමේ කොටසක් අහිමිවෙන බැවිනි.එය සංගාගේ උච්චතම කාලයයි ඔහු ලකුනු අතර නොසිටි ඉනිමක් නැති තරම්ය.

පහුවදා උදේ මාතර ස්ටේශමෙන් රුහුණු කුමාරි දුම්රියේ නැගී ගාල්ලෙන් බැසීමට ගතවූයේ විනාඩි 35ක් වැනි සුලු වෙලාවකි. ගාලු නගරයේ ඇති විශේෂත්වය නම් ඔබ මොන පලාතේ සිට කුමන පාරක පැමිනියත් ගාල්ල දුම්‍රිය ස්ථානයේ හෝ ගාල්ල බස් නැවතුම්පොලෙන් බැස පාර මාරු උන ගමන්ම ඇත්තේ කොටු පවුරෙන් වටවූ රමණීය ගාලු ක්‍රීඩාංගනයයි.

අප ක්‍රීඩාංගනයට ඇතුලු වන විට ලංකාවේ එක් කඩුල්ලක් බිදවැටී තිබෙනු දක්නට ලැබුනි.

•”තරංග පොල්ල හලාගෙන වගේ” එම වාක්‍ය ඉබේම මගේ කටින් පියවිය

•නෑ බං තරංග ඉන්නවා සිල්වා හලාගෙන තියෙන්නේ.

•හම්මට
ඔව් නෙහ්

එම තරගය උපුල් තරංග වසර 7කට පසු ක්‍රීඩා කරන පලමු ටෙස්ට් තරගයයි.

ක්‍රීඩාංගනයට ඇතුල්වන විටම සංගක්කාර දර්ශනීය Cover Drive එකකින් අපට සංග්‍රහ කලේය.

08/06/2016 12:38

ගාලු ක්‍රීඩාංගනයේ උදේ වරුවේ අව්රශ්මියෙන් ආරක්ශාවී තරගය නැරඹ්හීමට සුදුසුම ස්ථානය ප්‍රධාන Pavilian එක වේ.එහි අසුන්ගෙන විනාඩි 5ක් යාමට පෙර වර්ශාවක් ඇදහැලුන හෙයින් තරහය මදකට නතර කරන්නට සිදුවිය. ඒ අතර –
•එලියට ගිහින් මොනව හරි කාලා එමු එතකොට කෑම පැයේ (විනාඩි 45)ගාලු කොටුව බලන්න යන්න පුලුවන්
මම ගාලු ක්‍රීඩාංගනයේ තරගයක් බලන්නට යන සෑම අවස්ථාවකදීම ගාලු කොටු පවුර නැරඹ්හීමට යාමද එක් අංගයකි.එය මා පමනක් නොවේ විදේශීය ක්‍රීඩා ලෝලීන්ද තරගය අතරතුර යම් වෙලාවක් ඒ සදහා වෙන්කරන්නේ එය වෙනස්ම අත්දැකීමක් වන නිසාය.එක් අන්තයකින් ඉන්දියන් සාගරයද අනිත් අන්තයෙන් ගාලු ක්‍රීඩාංගය සහ ගාලු නගරය දිස්වන විට එහි ඇති වෙනස්ම ගනයේ සුන්දරත්වය ඔබ විසින්ම එහි ගොස් විදිය යුතුය. වර්ෂාවෙන් අනතුරුව තරගය ආරම්භවී තෙවන බෝලයට සංගක්කාර දැවීගියේ මගේ බලාපොරොත්තු සුන් කරමිනි.නමුත් කලකට පසුව ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් උපුල් තරංග ඔහුගේ Home Ground එකේ තමාගේ නමට ලකුනු 83ක් සටහන් කරගත්තේ දර්ශනීය කට් සහ ඩ්‍රයිව් පහරවල් සුපුරුදු පරිදි එල්ල කරමිනි.
113
Stadium Surrounded by Giant Fort
~වෙලාව ප.ව 2.50 පමනවී ඇත,තේ පානය සදහා තරගය නතර කර ඇත. කලු වලාකුලු සහිත දිනයක් බැවින් ඉර වලාකුලු අතර සැගවී ගොස් ඉතා සෞම්‍ය කාලගුණයක් පැවති හෙයින් අප Pavalian එකෙන් එලියට පැමිනියේ දිනයේ ඉතුරු පැය කිහිපය තනකොළ සහිත බැම්මේ සිට නැරඹ්හීමටය. ජංගම කඩයකින් බීම බෝතලයක්ද මිලදීගෙන ඉඩ තිබුන තැනකින් වාඩිවී තරගට ආරම්භවනතුරු බලාසිටින අතරතුර ගයාන් සේනානයක අයියව නෙත ගැටිනි. ඔහුගේ ප්‍රියතම වාක්‍ය වන “4 එකක් ඇරෝ , 6 එකක් ඇරෝ” පැය දෙකක් පමන එක දිගට හඩනගා කිවීමෙන් අනතුරුව ඔහුද යම්කිසි වීවේකයක් ලබයි.මෑත කාලයේ ලංකාවේ ක්‍රීකට් වලට ඔහුගෙ සේවාව ඉතාමත් විශේෂයි.
ටිකකින් ජාතික කොඩියත් රැගෙන අප දෙසට හෙමින් පැමිනෙන්නේ අදුරන මුහුනකි. ” අංකල් පර්සි ” තවමත් ඔහු කොඩියත් රැගෙන පිට්ටනිය වටෙ යන්නේ ලංකාවේ ක්‍රිකට් කෙරෙහි ඇති සෙනෙහස නිසාය. අපි පුදුම කරමින් ඔහු ගමන් නවත්වා අප දෙසට හැරී •You fools,why did you come to watch the match.can’t you shout a bit? You must cheer them loud
මම-comeon uncle percy its tea time , no one to support in the ground right now.
පසුව ඇන්ජලො මැතිව්ස්ගේ විශිෂ්ට ලකුනු 89න් හවස් වරුව වර්ණවත් විය.
                                       ___________________________________________
-ගාල්ල ක්‍රීඩාංගනයේ පපරේ සංගීතය සමග මිශ්‍ර වූ ටෙස්ට් තරගයක අත්දැකීම ජීවිතේ එක් වරක් හෝ ලැබිය යුතුය. නමුත් සැබෑ තත්වය නම් තරගයක් නැරබීමට දිනකට පැමිනෙන්නේ ඉතාමත් සුලු ප්‍රමානයකි. ටෙස්ට් ක්‍රිකට් දිනෙන් දින මිය යනවා යැයි පවසයි, ලංකාවේ ක්‍රිකට් බෝර්ඩ් එක ලොව දුප්පත්ම එක බව පවසයි. එය ඇත්තක් බව බැලූ බැල්මට පෙනෙයි. ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ටෙස්ට් ක්‍රිකට් එපාවුන බවක් පෙනෙයි. නමුත් ගාල්ල වැනි ටෙස්ට් ක්‍රීඩාංගනයක ටෙස්ට් තරගයක් නරඹා ලබා ගන්නා ආශ්වාදය T20,ODI තරග 100කින් වත් ලබාගත නොහැකි බව ස්තිරවම කිව හැක.
                                                                                                                              -DAMZ-