2014 ජූලි මස මුල් සතිය – ශ්‍රීලංකාව හා දකුනු අප්‍රිකාව අතර ටෙස්ට් තරගාවලිය.
මචං යමන් ගාල්ලේ ටෙස්ට් එක බලන්න? සංගා බැට් කරනවා කාලෙකින් දැක්කේ නෑ
මම මගේ මිතුරාට පැවසුවේ සංගක්කාර රිටයර් වෙන්න කලින් තවත් එක් සුපිරි ඉනිමක් නැරඹ්හිමට ඇති ආශාව නිසාය.
නමුත් අපට ටෙස්ට් තරගය ආරම්භ කල පසුවත් දවස් දෙකක් ඉවසගෙන සිටීමට සිදුවූයේ අප්‍රිකානුවත් දින දෙකකට ආසන්න කාලයක් පන්දුවට පහරදුන් බැවිනි
තරගයේ දෙවන දිනය අවසානයේ ලංකාව ඕවර 11ක් අවසානයේ ලකුනු 30ක් වගේ ගණනක් ලබාගෙන තිබුනි.
•හෙට උදේම යමන්
මගේ මිතුරා එසේ පැවසුවේ තරංග වැඩිවෙලාවක් කඩුල්ලේ රැදී නොසිටින බව දන්නා නිසාය. එහෙම උනොත් අපට සංගක්කාරගේ ඉනිමේ කොටසක් අහිමිවෙන බැවිනි.එය සංගාගේ උච්චතම කාලයයි ඔහු ලකුනු අතර නොසිටි ඉනිමක් නැති තරම්ය.
පහුවදා උදේ මාතර ස්ටේශමෙන් රුහුණු කුමාරි දුම්රියේ නැගී ගාල්ලෙන් බැසීමට ගතවූයේ විනාඩි 35ක් වැනි සුලු වෙලාවකි. ගාලු නගරයේ ඇති විශේෂත්වය නම් ඔබ මොන පලාතේ සිට කුමන පාරක පැමිනියත් ගාල්ල දුම්රිය ස්ථානයේ හෝ ගාල්ල බස් නැවතුම්පොලෙන් බැස පාර මාරු උන ගමන්ම ඇත්තේ කොටු පවුරෙන් වටවූ රමණීය ගාලු ක්‍රීඩාංගනයයි.
අප ක්‍රීඩාංගනයට ඇතුලු වන විට ලංකාවේ එක් කඩුල්ලක් බිදවැටී තිබෙනු දක්නට ලැබුනි.
•”තරංග පොල්ල හලාගෙන වගේ” එම වාක්‍ය ඉබේම මගේ කටින් පියවිය
•නෑ බං තරංග ඉන්නවා සිල්වා හලාගෙන තියෙන්නේ.
•හම්මට
ඔව් නෙහ්
එම තරගය උපුල් තරංග වසර 7කට පසු ක්‍රීඩා කරන පලමු ටෙස්ට් තරගයයි.
ක්‍රීඩාංගනයට ඇතුල්වන විටම සංගක්කාර දර්ශනීය Cover Drive එකකින් අපට සංග්‍රහ කලේය.
08/06/2016 12:38
•එලියට ගිහින් මොනව හරි කාලා එමු එතකොට කෑම පැයේ (විනාඩි 45)ගාලු කොටුව බලන්න යන්න පුලුවන්
Good one bitch ❤️ Good old days
LikeLike